Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“විජයදාසට එරෙහිව නඩු – සහරාන් පිටුපස සාරා , සාරා පිටුපස හිටියේ කවුද !” මුජිබර් රහුමාන් විශේෂ හෙළිදරව්වක

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට තමන් විසින් ආරක්ෂාව ලබා දුන් බවට පොදුජන පෙරමුණ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් නීත්‍යානුකූලව පියවර ගන්නා බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරනවා.

Mee Massoo TV යුටියුබ් නාලිකාව සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදුන් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව බව පවසන ලියවිල්ල තුළ පාස්කු කොමිසම හමුවේ අනාවරණය වූ කරුණු රැසක් ම වසන් කර ඇති බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළා.

ඒ අතරට පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවෙකු බවට තමා විසින් සැක කරන බව පවසමින් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා විසින් තුණ්ඩු කැබැල්ලක ලියා කොමිසමට ලබා දුන් නම සදහන් පුද්ගලයා කවුද?

සහරාන්ගේ බිරිදගේ කට උත්තරයේ තිබුණේ මොනවාද? ආදී වශයෙන් කරුණු රැසක් පිළිබඳ තොරතුරු නොමැති බවද ඔහු සඳහන් කළා.

About The Author