නිධානයකින් ගත් මැණික් ගල් ඔබ්බවන ලද චෛත්‍යයක් රුපියල් කෝටි 100ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත.
වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ නිධානයකින් ගත් මැණික් ගල් ඔබ්බවන ලද මෙම වෛත්‍යය සොයාගෙන ඇති අතර, එහිදී මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ද විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් කෝන්ගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් සහ 34 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු වන බවත්, මේ පිළිබදව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන්ව වේයන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවත් විශේෂ කාර්ය බළකාය සදහන් කරයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට