Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වික්ටර් අයිවන් ලවා චෞර රැජින ලියෙව්වේ බැසිල් : පාස්කු ප්‍රහාරය ඉන්දියාවේ වැඩක් – හිටපු ගුවන් හමුදා නිලධාරියෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක්

මිග් ගණුදෙනුව ගැන ලියු Sunday Times මාධ්‍යවේදී ඉක්බාල් අතාස් ගේ කටට පිස්තෝලය තබා තර්ජනය කළේ තමන් බවද පිළිගනී

පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සිටින බව ගුවන් හමුදාවේ හිටපු සෙබළෙකු වන කීර්ති රත්නායක මහතා විසින් විශේෂ අනාවරණයක් සිදුකරනවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් බරපතල විවේචනයක් සිදු කරමින් ජේෂ්ඨ සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසින් රචනා කළ චෞර රැජිණ කෘතිය පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා බවද ඔහු විසින් හෙළිදරව් කිරීම විශේෂත්වයක්.

රාජපක්ෂලාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට පහර එල්ල කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ දේශපාලන ව්‍යාපෘතියක් ලෙස මෙම පොත රචනා වූ බවයි කීර්ති රත්නායක මහතා පවසන්නේ.

පසුගියදා ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පිළිබඳව ඔහු තොරතුරු හෙළි කළ අතර ඒ පිටුපස පසුගිය ජනාධිපතිවරණය අවස්ථා දී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම වෙනුවෙන් කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතාටද හිතවත් මුස්ලිම් ජාතිකයෙකු සිටින බවට ද ඔහු සඳහන් කළේ Mee Massoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

රහසිගත ස්ථානයක සිට පටිගත කළ මෙම වැඩසටහනේදී තවත් වැදගත් අනාවරණයන් රැසක් සිදු කරනු ලබනවා.

Daily mirror යුධ පුවත් වාර්තාකරු ලෙස කටයුතු කළ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතාට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීම පිළිබඳවද අදහස් පළකරන ඔහු, පවසන්නේ ආන්දෝලනාත්මක මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ⁣කරුණු හෙළිදරව් කිරීමක් හේතුවෙන් තමා විසින් මෙලෙස ඔහුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළ බවයි.

තමන්ට ඉක්බාල් අතාස් මහතා සමඟ පුද්ගලික අමනාපයක් නොතිබූ බව පවසන රත්නායක මහතා කිසියම් පුද්ගලයකුගේ ඉල්ලීමට අදාළ සිද්ධියට තමා සම්බන්ධ වූ බවද පවසනවා.

යුද්ධය පැවති කාලසීමාවේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් රහසිගත ඒකකයකට අනුයුක්තව තමන් කටයුතු කළ බවද ඔහු පවසන්නේ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් ද අනාවරණය කරමින් වීම විශේෂත්වයක්.

ඉන්දියාවේ නිදහස් දිනය දා ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් මාස අටකට ආසන්න කාලයක් සිරගත කර සිටි කීර්ති රත්නායක මහතාට මීට දින කිහිපයකට පෙර අධිකරණය මගින් ඇප පිට මුදා හරිනු ලැබුවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පොලිස් නිලධාරීන් සහ දේශපාලකයින් අතර ඇති සම්බන්ධතා , සතොස සුදු ළූණු වංචාව , පොලිස් භාරයේ සිටින සිරකරුවන් මියයාම , හිටපු අමාත්‍ය M.H.M අස්රෝෆ් මහතා මිය ගිය ගුවන් යානා අනතුර ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් පිළිබඳ ඔහු විසින් කරුණු හෙළි කිරීම විශේෂත්වයක්.

අදාළ සම්පුර්ණ වැඩසටහන..

About The Author