රට පුරා දින 4ක කාලයක් සංචාරණ සීමා පැනවීම හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදූ කෝටි 6000 ඉක්මවූ පාඩුවක් සිදුව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරනවා.
එම තහනම හේතුවෙන් දළ දේශීය නිෂ්පාදනය සඳහා දිනකට අහිමි වූ මුදල රුපියල් කෝටි 1500 ඉක්මවන බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව දින දහයක් රට වසා දැමුවොත් රුපියල් බිලියන 150ක් රටට අහිමිවණු ඇති බව ගණන් බලා ඇතැයිද ඒ මහතා සඳහන් කරනවා.
ශ්‍රී ලංකාව කුඩා ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බැවින් රට නො වසා කොරෝනා කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළට ගමන් කිරීමත් ඉතාම වැදගත් බවත් පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා මේ අවස්ථාවේ වැසිය යුත්තේ රට නොව ජනතාවගේ කට බව ද සඳහන් කරනවා.
© මුලාශ්‍රය – Lanka C News


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට