අයදුම් පත් භාර ගැනීම සැප්තැම්බර් 15න් අවසන්
කතා විකෘති කරන මඩ සැලසුමක්
මෙම වසරේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් මස 15 වනදා එනම් හෙට දිනය බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.
කොරෝනා වසංගතය සහ ගුරු විදුහල්පති වැඩ වර්ජනය හේතුවෙන් මෙම අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමේ යම් ගැටලුවක් මතුව ඇති බව සඳහන් කරමින් මාධ්‍ය කිහිපයක වාර්තා පළ වුණා.
එමෙන්ම විදුහල්පතිවරුන් විසින් සිතාමතාම තම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් විභාග අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කර නොමැති බවට ද එම මාධ්‍ය වාර්තා කර තිබුණා.
කෙසේ නමුත් මේ පිළිබඳව අප කළ විමසීමේ දී අනාවරණය වූයේ උසස් පෙළ අයදුම්පත් වලින් 95% ක් දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවයි.
එමෙන්ම ශිෂ්‍යත්ව විභාගයට අදාල අයදුම්පත් වලින් 60% වැඩි ප්‍රමාණයක් පසුගිය සිකුරාදා දිනය වන විටත් විභාග දෙපාර්තමේන්තුවට ලැබී තිබූ බවයි වාර්තා වන්නේ.
අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය වන හෙට දිනය වන විට අදාල අයදුම්පත් සියල්ලම විභාග දෙපාර්තමේන්තුවට ලැබෙනු ඇති බවට විභාග දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරනවා.
කෙසේ නමුත් මෙම තත්ත්වය හෙළි නොකොට දැනට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටින විදුහල්පතිවරු සහ ගුරුවරු සම්බන්ධයෙන් ජනතාව තුළ අප්‍රසාදයක් ඇති වන අයුරින් මේ පිළිබඳ අසත්‍ය තොරතුරු නිර්මාණය කිරීමේ උත්සාහයක් පවතින බවයි ගුරු වෘත්තිය සමිති පෙන්වාදෙන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට