Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වාහන ගෙදර තියන්, කරුවලේ බලන් ඉන්නට වෙන ලකුණු

මෙරටට ඉන්ධන ගෙන් ඒම සම්බන්ධයෙන් බරපතල තත්වයක් ඇති තිබෙන බව උදය ගම්මන්පිල ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් අනතුරු අඟවා තිබෙනවා.

ඒ ට්විටර් පණිවිඩක් තබමින්,


“තිත්ත ඇත්ත නම්, අපි ඉන්නේ විදේශ විනිමය අර්බුදයකයි. 2021 මුල් භාගයේ ආනයන වියදමින් 18%ක් වැඩ ඉන්ධන සඳහා ය. අවසන් මාස 6දී එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ. ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරමු.” 

මේ අනුව පැහැදිලි වන්නේ ඉදිරියේදී බරපතල ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවයි.

එසේ ඉන්ධන හිඟයක් ඇති වුවහොත් රට තුළ විදුලිය බල අර්බුධයක්ද නිර්මාණය වීම වළක්වාගත නොහැකි වනු ඇති.

About The Author