පොසොන් සතියේදී අනුරාධපුර ප්‍රදේශයේ සුරාසැල් විවෘත කිරීමට ඉඩ ලබා දීම පිළිබඳව තම අප්‍රසාදය පළකරන බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති.
සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු අනුරාධපුර නගරයේ මත්පැන් හල් විවෘත කර ඇති අතර ඒවායෙන් මිලදී ගැනීමට ද විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් මීට පෙර සෑම වසරකම පොසොන් උත්සවය පැවැත්වෙන සතිය පුරාම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සුරාසල් සහ මස් කඩ තාවකාලිකව වසා දැමීම සිදුවුණා.
නමුත් මෙවර එම කාල සීමාවේ සුරාසැල් විවෘත කර තිබීම ගැටළුවක් බවත් ඒ සම්බන්ධයෙන් තම දැඩි විරෝධය පළකර සිටින බවත් වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරන්නට යෙදුනා.
යහපාලන රජය සමයේ පොසොන් උත්සවය රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කර ඇති බවත් එම නිර්දේශද නොතකා මේ වන විට පන්සල් වසා බාර් අරින තැනට වැඩ සැලසී ඇති බවත් මේ පිළිබඳ අප කල විමසීමේදී අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර තිබෙන්නේ මෙවර පොසොන් සතියක් ක්‍රියාත්මක නොවන බවත් ඒ නිසා ජනතාව ඒකරාශී වීමක් සිදු නොවන නිසා මෙම කාලසීමාවේ සුරාසල් විවෘත කිරීම කිරීමේ වරදක් නැති බවයි.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් මෙවර පොසොන් උත්සව කමිටුව රැස්වී තීරණය කර නැති බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට