කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිළිබඳ පනත් කෙටුම්පත මුළුමනින්ම රටේ නීතියට අනුගත මෙරටට විදේශ විනිමයගෙන ඒමේ හැරවුම් ලක්ෂයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැහැදිලි කිරීම වෙනුවෙන් අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එල්ල වන ඕනෑම චෝදනාවක් පිළිබඳ පැහැදිලි කිරීමට රජය සූදානම් බවයි.
පනත් කෙටුම්පතට අදාළ සියලු කටයුතු සිදුවන්නේ මෙරට නීතියට අනුව මිස වෙනත් රටක නීතියකට අනුව නොවන බවද ඔහු සඳහන් කළා.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සභාපතිවරයෙකු ඇතුළු සාමාජිකයන් 5 ත් 7 ත් අතර සංඛ්‍යාවකින් සමන්විත බවයි පනත් කෙටුම් පතෙහි දක්වා ඇත්තේ.
මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පවසා සිටියේ, වරාය නගර ආර්ථික කොමිසන් සභාවට සියලුම සාමාජිකයින් පත්කරන්නේ ජනාධිපතිවරයා බැවින් වෙනත් රටකට එම නගරය පාලනය කළ නොහැකි බවයි.
එම කොමිෂන් සභාවට කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ ව්‍යාපාරික කටයුතු සඳහා සියලු අනුමැතීන් ලබාදීම, නියාමනය කිරීම ඇතුළු කාර්යයන් පැවරෙන බවද ඔහු සඳහන් කළා.
කොමිසම අය කරන සියලු බදු රජයේ ඒකාබද්ධ අරමුදලට බැර වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට