ලුණුගම්වෙහෙර, පඩිකැපූ හෙල සහ සීනුක්කුව පිළිමහෙල, තම්මැන්නාව ගම්මානයන්හි ගම්වැසියන්ට බීමට ජලය ලබාදෙන ලෙස ඉල්ලමින් ලුණුගම්වෙහෙර ජල සම්පාදන මණ්ඩලය අභියසට පැමිණ උද්ගෝෂණයක නිරතවූහ.
” දියව් දියව් වතුර දියව්, බොන්න අපට වතුර දියව්, ඡන්දෙ ගන්න ගමට වරෙව්, කොස්ස අපේ අතේ තියෙයි, ජනපති තුමණි, මේ අහන්න, දරු පවුල් 100 පිපාසයෙන් ” යනාදී පෝස්ටර්, බැනර් ඔසවා මෙම පිරිස සාමකාමී අයුරින් උද්ගෝෂණය පවත්වා අවසන් කළහ.
මෙම ගැටළුවට පිළිතුරක් බලාපොරොත්තුවෙන් ජලසම්පාදන කාර්යාලය වෙත පිවිසීමට උත්සාහ කළද ආරක්ෂක නිළධාරීන් අවස්ථාව ලබා දුන්නේ නැත.


අත නොහැර කියවන තැන
හිටපු කතානායක අත්අඩංගුවට
බස් රථයක් පෙරළී 9ක් මරුට – 30කට වැඩි පිරිසකට තුවාල
ප්රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි