ඉල්ලා අස්වීමට ජනපතිගේ නිර්දේශය ඉල්ලයි
බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එම තනතුරෙන් ල්ලා අස් වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සියල්ලම සත්‍යයෙන් තොර බව හෙළිව තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් රජය අපහසුතාවයට පත් නොකරමින් තමා දරන අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනාධිපති වරයාගේ නිර්දේශය අපේක්ෂා කරමින් ලොහාන් රත්වත්තේ මහතා යැවූ ලිපිය ඔහුගේ ඉල්ලා අස්වීම තහවුරු කළ ලිපියක් සේ දක්වමින් මාධ්‍ය බොහෝමයක් කරුණු වාර්තා කර තිබුණා.
නමුත් ලොහාන් රත්වත්තේ මහතා තවමත් ඔහු දැරූ අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටින අතර ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගන්නේ ද නැද්ද යන වග කීම මේ වන විට ඇත්තේ ජනාධිපතිවරයා සතුවයි.
ජනාධිපති වරයා විසින් අදාල ඉල්ලීම පිළිගැනීම හෝ නොපිළිගැනීම මත ලොහාන් රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීම තහවුරු වනු ඇති.
එමෙන්ම බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යධුරයට අමතරව රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ විෂයට අදාළ රාජ්‍ය අමත්යධුරයක්ද දරමින් සිටින අතර එම වගකීම අත්හැරීමේ සුදානමක් පිළිබඳවද මෙම ලිපියේ සඳහන්ව නැහැ.
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකළ ලිපිය පහතින්,



අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?