බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළව ලොහාන් රත්වත්තේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ ලිපිය ජනපතිවරයා විසින් පිළිගෙන ඇති බව වාර්තා වනවා.
මීට සුළු මොහොතකට පෙර ජනාධිපති වරයා විසින් අදාළ ඉල්ලා අස්වීම නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා විසින් මෙම කරුණු තහවුරු කළා.
කෙසේ වෙතත් බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව ඔහු විසින් දරනු ලබන මැණික් හා ස්වර්ණාභරණ වීෂයට අදාළ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඔහු ඉල්ලා අස්වූ බවට කිසිදු තොරතුරක් මේ වනතෙක් වාර්තා වන්නේ නැහැ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට