මස්කෙළිය – සාමිමලේ ප්‍රධාන මාර්ගයේ, බ්‍රන්ස්වික් තේ වතුයායේ ක්වින්ස්ලණ්ඩ් ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට විත් අඩි 40 ක් පමණ ප්‍රපාතයකට පෙරළී එහි ගමන් කරමින් සිටි පුද්ගලයන් 22 ක් තුවාල ලබා මස්කෙළිය හා දික්ඔය රෝහල් වෙත් ඇතුළත් කර ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ, මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ ක්වින්ස්ලණ්ඩ් කොටසේ පදංචි වතු කම්කරුවන් පිරිසකි.
තුවාලකරුවන් අතර කාන්තාවෝ 17 ක් හා පිරිමි පුද්ගලයෝ 05 දෙනෙක් සිටිති.
මෙම තුවාලකරුවන් මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට මුලින්ම ඇත්ළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්වයේ පසුවූ 17 දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට රි යැවූ බව මස්කෙළිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි එච්.එම්. ඉර්ෂාඩ් මහතා පැවසීය.


 
         
                   
                   
                   
                  
අත නොහැර කියවන තැන
බැකෝ සමන්ගේ බිරිඳට ඇප
ඔන්ලයින් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන
ඩයනාගේ නඩුව දෙසැම්බර් 15 දාට කල් යයි