Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලොරි රථ අනතුරක්

නුවරඑලියේ සිට හැටන් දක්වා ධාවනය වු ලොරි රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් ලොරි රථයේ රියැදුරා තුවාල ලබා ඇති බව නානුඔය පොලිසිය පවසනවා.

ඊයේ (19) රාත්‍රී මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ සමර්සෙට්වත්ත ප්‍රදේශයේදී.

ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා රියැදුරා ලොරි රථය බෑවුම් ප්‍රදේශයකදි කන්දක ගැටී නතර කිරිමට යෑමේදි මෙම අනතුර සිදු වී ඇති බවයි නානුඔය පොලිසිය කියා සිටියේ.

අනතුරින් ලොරි රථයටද දැඩි අලාභහානි සිදු වී ඇත.

About The Author