Rebuilding Sri Lanka ව්‍යාපෘතිය සඳහා මේ වන විට ආධාර ලෙස ලැබී ඇත්තේ මිලියන ගණනක් වුවද, ඩොලර්වලට පරිවර්තනය කළ විට එය ඉතාමත් සුළු මුදලක් බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (15) පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්දෙන් පසුව ශ්‍රී ලංකාව විශාල ආර්ථික ව්‍යසනයකට මුහුණ දෙනු ඇති බවයි. ඔන්න අද දිනය ලියලා තියාගන්න අපි කිව්වා කියලා යනුවෙන්ද ඔහු එහිදී අවධාරණය කළේය.
ඔහු දැඩිව අදහස් දක්වමින් මෙසේ පැවසීය:
අපි කැමති නෑ ලංකාව දිගින් දිගටම මේ විදිහට වැටෙනවට. ආර්ථික අර්බුදයකින් වැටුණා. සුනාමියෙන් වැටුණා. ඊට පස්සේ අපි නොයෙකුත් දේශපාලන අර්බුදවලින් වැටුණා. කොවිඩ් වලින් වැටුනා. තව එකක් ලංකාවට දරන්න හරි අමාරුයි.
අපි විශ්වාස කරන්නේ හරි පිළිවෙලක්, ප්ලෑන් එකක්, ප්‍රෝග්‍රෑම් එකක්, ප්‍රොජෙක්ෂන් එකක් නැත්නම් සිංහල අවුරුද්ද අප්‍රේල් මාසේ මැයි මාස වෙනකොට ලංකාවේ විශාල ආර්ථික ව්‍යසනයකට යනවා. ඔන්න අද දිනය ලියලා තියාගන්න අපි කිව්වා කියලා. ඒක මතක තියාගන්න.
ඉන්දියාවෙන් සල්ලි වගයක් ලැබෙනවයි කියලා කතාවක් කියනවා. බිලියන ගානක් හම්බවෙන්න තියෙනවා කියන කටකතාවක් තියෙනවා. එහෙම ලැබෙනවනම් අපි සතුටුයි. නමුත් මේක කළමනාකරණය කරන්නේ කොහොමද? මේක ලැබෙන්නේ අපිට line of credit එකකින්ද, ණයකින්ද, එහෙම නැත්නම් ග්‍රාන්ට් එකක්ද, මේ මුදල හම්බුනොත් මේ මුදල පාවිච්චි කරන්නේ කොහොමද, මේකට මොකක්ද තියෙන කොමිටිය.
කල්පනා කරන්න මහා Rebuilding Sri Lanka කියලා ප්‍රොජෙක්ට් එකක් යනවා. මිලියන එක්දහස් අටසිය ගණනක් පමණක් මේ වන විට එකතු වී ඇති බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට