ගෝඨා තමයි මේක කළේ කියූ ලසන්තගේ රියදුරා පැහැරගෙන ගොස් මරණීය තර්ජනය කළ බව කියවෙන සහ රිවිර ආරම්භක කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමට පැමිණි බව කියවෙන පුද්ගලයෙකුත් ඒ අතර.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීමට අදාළව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුකාරයට අදාළ චෝදනා ලබා සිටි සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින් නීතිපති පාරින්ද රණසිංහ විසින් නිකුත් කරන ලද ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.
පහත දැක්වෙන්නේ අදාළ ලිපියයි.
පසුගිය ජනවාරි 27 වන දින අදාළ ලිපිය නිකුත් කර ඇති බවයි එහි දැක්වෙන්නේ.
කෙසේ වෙතත් මෙම සිදුවීම හේතුවෙන් සමාජය තුළ ප්‍රබල කතා බහක් නිර්මාණය වී තිබෙන්නේ ලසන්ත ඝාතනය යට ගැසීමේ අරමුණින් මෙම නිදහස් කිරීම සිදුකර ඇති බවට චෝදනා එල්ල කරමින්.
මෙලෙස නිදහස් කෙරුණු එක් පුද්ගලයෙකු ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් පසු ඔහුගේ රියදුරු පැහැර ගෙන ගොස් “කට වසාගෙන නොසිටියොත් ලසන්තට කළ දේ උඹටත් කරනවා” යනුවෙන් තර්ජනය කළ බව කියවෙන පසුව 2016 වසරේදී හදුනාගැනීමේ පෙරට්ටුවකදී අදාළ රියදුරු විසින් හඳුනාගත් හමුදා නිලධාරියෙකු බවද කියවෙනවා.
අදාළ රියදුරු විසින් ලසන්ත ඝාතනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ වැඩක් යැයි තැනින් තැන පවසමින් ගොස් ඇති බවත් ඔහු පැහැර ගෙන යාමට එය හේතුවක් වී ඇති බවත් පරීක්ෂණ වලදී කියවී ඇති බව වාර්තවනවා.
එමෙන්ම අදාළ පැහැර ගැනීම සිදුකළ පුද්ගලයා රිවිර ආරම්භක කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහරදීමට පැමිණි පිරිසේ සිටි අයෙකු ලෙස 2016 වසරේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී ඔහු විසින් හඳුනාගත් පුද්ගලයෙකු බවද අනාවරණය වී තිබෙනවා.
සෙසු පුද්ගලයින් වන්නේ ලසන්ත ඝාතනයෙන් පසු ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකළ ගල්කිස්ස අපරාධ කොට්ටාශයට අනුයුක්තව කටයුතු කළ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයායි.
අනෙක් පුද්ගලයා එවකට ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයායි. ඔහු පොලිස් පරීක්ෂණ වලට බාධා කරමින් සාක්ෂි විනාශ කිරීමට අනුබල දී ඇති බවට චෝදනා එල්ල වනවා.
පසු සටහන සුනන්ද දේශප්‍රිය විසිනි..
පාර රාජ්‍යය නොනිදයි – ලසන්ත ඝාතනය යට ගැසීමේ නීතිපති කෙටුම්පත ලෑස්තියි
ඝාතනය කරන ලද සන්ඩේ ලිඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණය යටපත් කිරීමේ වෑයමත් ඇති බව තතුදත් ආරචි මාර්ග සඳහන් කරයි.
ලසන්ත ඝාතකයින් පාර රාජ්‍යයේ වෙඩික්කරුවන් වූ අතර අද දක්වාම පාර රාජ්‍ය බූවල්ලා එම පරීක්ෂනය යට ගසමින් සිටී.
වසර 15කට පෙර කරන ලද ලසන්ත වික්‍රමතුංග ඝාතනයට යුද හමුදා ට්‍රිපොලි අංශය සම්බන්ධ බවට බරපතල සැක මතු විය. ඒ සම්බන්ධ දීර්ඝ ලිපි සන්ඩේ ලීඩර් පුවත්පත පළ කළේය.
රාජපක්ෂ ආණ්ඩුව මුල සිටම එම ඝාතනය වසං කිරීමට කටයුතු කළේය රාජපක්ෂ ගැත්තකු වූ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඔහු ඝාතනය කර ඇත්තේ වෙඩි තැබීමකින් යැයි ව්‍යාජ නිගමනයක් දුන්නේය. නමුත් පසුව සනාථ වූයේ ඔහු ඝාතනය කරන ලද්දේ තියුණූ ආයුධයකින් ඇනීමෙන් බවය.
ලසන්ත ඝාතනය වී ඇත්තේ ස්ත්‍රීයක පිළබඳ ප්‍රශ්නයක් නිසා යැයි රජයට ගැති මාධ්‍ය තවත් කතාවක් ප්‍රසිද්ධ කළේය.
එනමුත් ලසන්ත පසුපස හඹා ආ යතුරු පැදිකරුවන් පාවිච්චි කළ දුර කථන අංක ට්‍රිපොලි යුද හමුදා කඳවුරට සම්බන්ධ බව පසුව හෙළිදදරව් විය.
තවමත් එම දුර කථන එදින පාවිච්චි කළ යුද හමුදා සංමාජිකයින්ගේ අංත අපරාධ පරීක්ෂකයින්ට යුද හමුදාව ලබා දී නැත.
වර්තමානයේ ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගය ලසන්ත ඝාතකයින් නීතිය හමුවට ගෙනෙන බවට සිය වාරයටත් වඩා පොරොන්දු දුන්නේය.
පරීක්ෂණ කඩිනම් කළ යුතු අපරාධ අතරට ලසන්ත ඝාතනය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගත් ප්‍රථම තීරණයකි.
වර්ථමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ද නැවත නැවත ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බවට ශපථ කර තිබේ.
එනමුත් ජාතික ජන බලවේගයේ තවත් පොරෙන්දුවක් වූ ස්වාධින අභියෝචක කාර්යාලයක් පිහිටුවීමට අණ්ඩුවේ සූදානමක් නොපෙනේ. මෙම ප්‍රථම දින සියය තුල කල යුතුව තිබූ අතිශය වැදගත් පියවරකි.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ අධිකරණ ඇමති කාර්යශූර පුද්ගලයකු නොවන බවට නීති අංශ පවසති. ඔහු කිසිවිටෙක දක්ෂ නීතිවේදියකු නොවීය.
මේ නිසා දැන් සිදුව ඇත්තේ රනිල් රාජපක්ෂ විසින් පත් කරන ලද නීතිපති පාරින්ද රණසිංහගේ තීරණ මත රඳා පැවතීමට ආණ්ඩුවට සිදු වීමයි.
රනිල් රාජපක්ෂ විසින් පාරින්ද රණසිංහට නීතිපති ධූරය ලබා දෙන ලද්දේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සිටි අයේෂා ජිනසේන කපා හරිමිනි. ඇය නීති ගුරුක සහ දේශපාලන බලපැම්වලට අවනත නොවූ විශිෂ්ට නිලධාරිනියකි.
නීතිපතිවරයකු පත් වු විට ඔහු ඉවත් කළ හැක්කේ දෝශිභියෝගයකින් පමණි. අනීතිකව දේශපාලන තීන්දු මත කටයුතු කළ නීතිපතිවරුන්ගෙන් මෙරට නීතිපති දෙපාර්තමේන්තුව අපිරිසිදු වී තිබේ.
රනිල් රාජපක්ෂ විසින් කාලය දීර්ඝ කිරීමට උත්සාහ කළ හිටපු නීතිපති සංජේ රාජරත්නම් පත් කරන ලද්දේ බැසිල් රාජපක්ෂගේ උවමනාව මත යැයි අන්සර් හසාර් මවුලානා ප්‍රකාශ කර තිබේ.
දැන් සිදුවන්නට යන්නේ ලසන්ත වික්රමතුංත ඝාතනයේ සාක්ෂි යටපත් කරමින් සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමයි.
පසුගිය ජනවාරි 27 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂක වෙත ලිපියක් යවමින් නීතිපති පාරින්ද රණසිංහ දන්වා ඇත්තේ ලසන්ත ඝාතනය සම්බන්ධ සැකකරුවන් වන ප්‍රේම් ආනන්ද උදලාගම්, හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල, විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන චූදිතයිනට විරුද්ධව තව දුරටත් නීති මගින් ක්‍රියා නොකිරිමට අදහස් කරන බවයි. තවද ඔවුන් නිදහස් කළ හැකි බව අධිකරණය වෙත දන්විය යුතු බවයි. එම පියවර ගැනීමෙන් පසු නීතිපතිවරයාට එය එම ලිපිය ලැබි දින 14ක් තුල දැන්විය යුතු බවයි.
මෙහි ප්‍රේම් ආනන්ද උදලාගම යනුවෙන් දැක්වෙන්නේ ලසන්ත ඝාතනයෙන් පසු තමා පැහැර ගෙන ගිය බවට ලසන්තගේ රියදුරා විසින් හදුනා ගත් බුද්ධි අංශ සාමාජිකයාය. ඔහු සාජන් මේජර්වරයකු විය. 2016 ජූලි 7 වැනි දින මෙම හදුනා ගැනීම සිදු වුයේ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා වීරසිංහ මහත්මිය ඉදිරියේ ය.
ලසන්ත ඝාතනයෙන් පසු ඔහු ඝාතනය කිරිමට ගෝටාභය රාජපක්ෂ සම්බන්ධ බවට කියූ එම රියදුරා පැහැර ගෙන ඔහුට තර්ජනය කරන ලද්දේ කට වසා ගෙන සිටින ලෙසයි. එසේ නොවුව හොත් ලසන්තට වූ දේම කරන බවට තර්ජනය කරන ලදී.
නිදහස් කිරීමට නිර්දේශ කර ඇති හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල යනු එවතට ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාය. තමා ලුහු බැඳ ආ යතුරුපැදිවල අංක ලසන්ත විසින් ලියන ලදුව ඔහුගේ කාරයේ තිබු සටහන් පොත සොයා ගත්තේ ඔහුය. ඝාතයින් හඳුනා ගැනීමට තිබූ ප්‍රධානම සාක්ෂියක් වූයේ එයයි.
නිදහස් කිරීමට නිර්දේශ කර ඇති තෙවැන්නා වන විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යනු එවකට ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාය. ඔහු තිස්සසිරි සුගතපාලගෙන් ලසන්තගේ සටහන් පොත ඉල්ලා ගෙන එය විනාශ කර දැමූ බවට වෝදනා ලැබුවේය. ප්‍රසන්න නානායක්කාර එම සටහන් පොත බලහත්කාරයෙන් ලබා ගත්තේ ” උඹටත් ලසන්තට වූ දේම කරර ගන්න ඕනෑද” යැයි තර්ජනය කිරීම මගිනි.
එසේ නමුත් එම යතුරු පැදි අංක සහිත පිටු, තිස්සසිරි සුගතපාල විසින් ජායා පිටපත් කර ගෙන සඟවා තිබිී පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගත්තේය.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව යළී ලසන්ත ඝාතනය ගැන පරීක්ෂණය කර ගෙන යන අතුරතුර මෙවැනි නියෝගයක් ලැබීම ගැන පොලිස් අංශ මවිතයට පත් ව තිබේ.
මෙම නිදහස් කිරීමේ නියෝගය සදහා වාර්තාව සකස් කරන ඇත්තේ නීතිපති දෙපාර්තමෙන්තුවෙහි නියෝජ්‍ය සෙලිසටර් වරයකු වන ජනත බණ්ඩාර විසින් යැයි වාර්තාවේ.
මෙම ජනක බණ්ඩාරට විරුද්ධව ගෝටාගේ පිස්සු පූසා පළිගැනිම් කමිටුව හමුවෙහි තිබූ නඩුවක දී ඔහු වෙනුවෙන් පෙනී සිටියේ සුප්‍රසිද්ධ ජනාධිපති නීතිඥ රමේශ් සිල්වාය.
2021 අගෝස්තු 08 දා පසුගිය අගෝස්තු 04 දා එවකට නීතිපති දෙපාර්තමේන්තුවෙහි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට විරුද්ධව තරුණයින් 11 දෙනා පැහැර ගැනීමේ නඩුවෙහි එම චෝදනා ඉල්ලා අස්කර ගන්නා බව විශේෂ මහාධිකරණයට දැනුම් දුන්නේය. දීර්ඝ කාලයක් පුරා ඒම නඩුව සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටියේ ද ඔහුය.
අරුමයකට මෙන් කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටියේ ද ජනක බණ්ඩාරගේ නීතිඥයා වූ රොමේශ් සිල්වාය.
ජනක බණ්ඩාරගේ ඉතිහාසයේ ඇති අවර්ණ පැල්ලමක් නම් මෙම ලැදියාවන් අතර වූ ගැටුමයි. ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමට නිතිපතිට උපදෙස් දී ඇත්තේ ද ඔහු ම යැයි කියවේ.
මෙම තීරණයට නීතිපති දෙපාර්තමෙන්තුවෙහි තවත් අතිරේත සොලිසටර් ජෙනරල්වරයකු විරුද්ධ වී තිබේ. දැන ගන්නට ඇති අන්දමට ඒ ඩිලාන් රත්නායකය. නීතිපතිවරයා පිළිගෙන ඇත්තේ ජනක බණ්ඩාරගේ නිගමනයයි.
අනුර කුමාර දිසානායක ආණ්ඩුව පොරොන්දු වූ පරිදි ස්වාධීන අභියෝජක කාර්යාලයක් පිහිටුවීම කර පෙරට නොගිය හොත් මෙවැනි සිදුවීම් අවසානයක් නැති වනු ඇත.
පාර රාජ්‍ය ක්‍රියාත්මක වන්නේ මෙසේය. එහහි අඩු පඩු බූවල්ලකුගේ මෙන් සෑම තැනකම විහිදී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව ව්‍යතිරේඛයක් නොවේ.
අත නොහැර කියවන තැන
රාජ්‍ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්
“පුනරුද යුගයේ ඇරඹුම වෙනුවෙන් සාමුහිකව එක්වෙමු” – ජනපති අනුර කුමාර දිසානායකගේ නිදහස් දින පණිවිඩය