බොලිවුඩ් චිත්‍රපට දහසකට වැඩි ප්‍රමාණයකට හඬ දුන් ඉන්දියාවේ වඩාත්ම ආදරණීය ගායිකාවක වන ලතා මංගේෂ්කාර් වයස අවුරුදු 92 දී මිය ගොස් තිබේ.
කොවිඩ් -19 වැළඳීමෙන් පසු ඇය ජනවාරි මාසයේ දී මුම්බායි නගරයේ රෝහලකට ඇතුළත් කර තිබුණි.
ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා පැවසුවේ මංගේෂ්කාර් මහත්මියගේ මරණයට හේතුව බහු අවයව අක්‍රියතාවක් බව යි.
ඉන්දීය රජය ඉරිදා සිට දින දෙකක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එම කාලය තුළ රට පුරා ජාතික ධජය අඩකුඹු කරනු ලැබේ.
ඇයට රාජ්‍ය අවමංගල්‍යයක් ලබා දෙනු ඇති අතර ඇයගේ ආදාහන කටයුතු අද (ඉරිදා) සවස මුම්බායිහි දී සිදුකිරීමට නියමිතය.
මංගේෂ්කාර් මිය ගිය ප්‍රවෘත්තිය වාර්තා වීමත් සමඟ ම, “බොලිවුඩයේ නයිටිංගේල්” ලෙස හැඳින්වූ ඇය වෙනුවෙන් උපහාර ගලා එන්නට විය.
ජනාධිපති රාම් නාත් ගෝවින්ද් ප්‍රකාශ කළේ මෙම ප්‍රවෘත්තිය හද කම්පා කරවන සුළු බවත් එය ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත පිරිසකට මෙන්ම තමාටත් ඉතා දුක්ඛදායක සිදුවීමක් බවත් ය. ඇගේ ගීතවලින් පසුගිය පරම්පරාවේ අභ්‍යන්තර හැඟීම් ප්‍රකාශ වන බවත් ඔහු පැවසීය.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ මංගේෂ්කාර්ගේ මරණය සිය ජාතියට පිරවිය නොහැකි හිස්කමක් ඇති කළ බවයි.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්