සෆාරි රථ කොට උඩ : කෑම උයන්න හෝටල් වල ගෑස් නෑ
මෙරටට පැමිණ සිටින සංචාරකයන් විදුලි අර්බුදය ඩීසල් හිගය හේතුවෙන් තම සංචාර අතරමග නවතා දමා ආපසු තම රටවල් වෙත යමින් සිටින බව සංචාරක මගපෙන්වන්නන් සහ සංචාරක හෝටල් හිමියන් පවසනවා.
විදුලිය ඇණ හිටි අවස්ථාවල විදුලි උත්පාදනය සඳහා හෝටල් වල ඇත්තේ ඩීසල් වලින් ක්‍රියාත්මක කරන විදුලි උත්පාදන යන්ත්‍ර බවත් ඒවාට ඩීසල් නොමැති වීමෙන් සංචාරකයන් මහත් අපහසුතාවයට පත්ව ඇති බවයි පැවසෙන්නේ.
යාල ඇතුළු වනෝද්‍යානවල සංචාරය සඳහා විදෙස් රටවලින් පැමිණි පිරිස් වලට එහි සංචාරය කිරීම සඳහා සෆාරි රථ සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් එම කටයුතු ද අඩාල වී ඇති බවයි පවසෙන්නේ.
ඊට අමතරව හෝටල්වල ආහාර සැකසීම සඳහා ගෑස් හිඟය බලපා ඇති අතර බොහෝ හෝටල් වල මුළුතැන් ගෙවල් වසා දමා ඇත්තේ ආහාර බාහිරින් ලබා ගන්න ලෙසද දැනුම් දෙමින් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ හේතු මත සංචාරකයන් කලකිරීමට පත්ව ලංකාවෙන් පිටව යාමට පටන් ගෙන ඇති බවත් මෙය සංචාරක කර්මාන්තයට ඉතා බරපතළ හානියක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?