සිංහරාජයේ වන විනාශය පිළිබඳ සොයා බැලීම සඳහා පොදුජන පෙරමුණ පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී කණඩායමක් පසුගියදා ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.
පසුව පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයට පැමිණි එම කණ්ඩායම මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වු අතර එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් ඒ වීරසිංහ මහතා සඳහන් කළේ කිසිදු වන විනාශයක් ප්‍රදේශයේ සිදුව නොමැති බවයි.
ඇතැම් මාධ්‍ය විසින් ඉන්දියාවේ සිදුවන දේ ලංකාවේ ප්‍රදර්ශනය කරන බවටද චෝදනාවක් ද ඔහු සිදු කළා.
වන විනාශයක් වෙලා නම් ඉල්ලා අස්වනවා කියලා කරගත්ත දේ
මේ අතර අදාල මන්ත්‍රීවරයා සඳහන් කලේ අම්පාර ප්‍රදේශයේ වන සංහාරයක් සිදුවන බවට ජනතා විමුක්ති පෙරමුණ සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවද සඳහන් කළා.
ඩබ්ලිව් ඒ වීරසිංහ මන්ත්‍රීවරයා අභියෝග කලේ එවැනි වන විනාශයක් සිදුව ඇත්නම් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
එම අභියෝගයට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රතිචාර දැක්වුවා.
සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ මේ වන විට ආණ්ඩුව තම පසු පෙළ මන්ත්‍රීවරුන් යොදා ගනිමින් ආණ්ඩුවේ කුණු සේදීම සඳහා ජංගම ලොන්ඩරියක් නිර්මාණය කර ඇති බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට