අපේ බ්‍රෑන්ඩ් එක ආක්‍රමණ වලින් වහන්න දෙන්න බෑ
නබි තුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් දෙවටගහ පල්ලියේ පැවති උත්සවයට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සහභාගි වුණා.
ශ්‍රී ලංකාවේ ජීවත්වන සාම්ප්‍රදායික සුෆි මුස්ලිම් ප්‍රජාව උත්සවාකාරයෙන් නබි ජන්ම දිනය සමරුව ද ඇතැම් ඉස්ලාම් ලබ්ධිකයින් එය ඉස්ලාමයට පටහැනි බව පවසමින් එයට දැඩි විරෝධයක් දක්වන්නේ අල්ලාහ් දෙවියන් හැර වෙනත් කිසිවෙකු වැඳීම සහ පිදීම ඉස්ලාමයට පටහැනි බව පවසමින්.
දවටගහ පල්ලියට පැමිණි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ආගමික වතාවත්ව වල නිරත වීමෙන්ත් අනතුරුව මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව ශතවර්ෂ ගණනාවක් තිස්සේ ප්‍රගුණ කරපු ක්‍රමවේදයක් අනුව කටයුතු කරමින් මෙරට ජන සමාජය තුළ සහජීවනයෙන් යුතුව ජීවත්වන බවත් එය පිටරටින් පැමිණි විවිධ බලවේග වලින් ආක්‍රමණය කිරීමට නොහැකි බවත් සඳහන් කිරීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි