ණය සහ පොලිය ගෙවීම, අත්‍යවශ්‍ය වියදම් පියවීම සඳහා මේ වසරේ ඉතිරි කාලසීමාව සදහා රුපියල් කෝටි 71,700 ක ණයක් ලබාගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඉන් රුපියල් කෝටි 30,000 ක පමණ මුදලක් විදේශීය මුදල් ණය වශයෙන් ද ඉතිරි මුදල දේශීය වහයෙන්ද මුදල ලබා ගැනීමට යෝජනා වී ඇති බවයි.
විදේශීය ණය ගැනීම් යටතේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් සහ ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා වන ණය වශයෙන් ලබාගැනීමටත් දේශීය ණය ගැනීම් යටතේ භාණ්ඩාගාර බිල්පත් සහ අනෙකුත් ණය ගැනීම් යටතේ මුදල් සපයා ගැනීමටත් නියමිතය.
මෙම ණය මුදල් ලබා ගැනීම් ලබන්නේ ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය වෙනුවෙනි.
පසුගියදා ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයා හමු වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබුණේ ලංකාව කිසිදු ණය උගුලක සිරවී නොමැති බවයි.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්