අද වන විට ශ්‍රී ලංකාව තුළ බරපතළ මූල්‍ය බංකොලොත් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරනවා.
මෙහි බරපතලම තත්වය වන්නේ මෙම මුල්‍ය අර්බුධය හමුවේ ශ්‍රී ලංකාවට ඛනිජ ඉන්ධන සපයන සමාගම් විසින් ඉන්ධන සැපයීමට අදිමදි කරමින් සිටීම බවද ඔහු සඳහන් කළා.
මේ වන විට ඩොලර් මිලියන 2600ක මුදලක් ඉන්ධන සදහා තෙල් සංස්ථාව විසින් ගෙවිය යුතු බව තමන්ද සාමාජිකත්වය දරන (පොදු ව්‍යපාර පිළිබද කාරක සභාව) හෙවත් කෝප් කමිටුවේදී හෙළි වූ බවද ඔහු සඳහන් කළා.
මේ වන විටත් ඇතැම් සමාගම් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන් කළා.
එමෙන්ම ඉන්ධන ලබා ගැනීම සඳහා පසුගිය කාලයේ ලංකා බැංකුවෙන් ඩොලර් මිලියන 1600 සහ මහජන බැංකුවෙන් ඩොලර් මිලියන 1000 ක් වශයෙන් ලබා ගත් ඩොලර් මිලියන 2600 ක් වූ ණය මුදල පවා පියවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නොහැකි වී ඇති බව කෝප් කමිටුවේදී හෙළි වූ බවද චම්පික රණවක මහතා මෙහිදී සඳහන් කළා.
මේ වන විට මෙරට විදෙස් සංචිත වල ඇත්තේ ඩොලර් බිලියන 4 ක් පමණක් බවත්, ගෙවීමට ඇති ඉන්ධන බිල්පත් පමණක් පියවා දැමුවා හොත් විදෙස් සංචිත වල අගය බින්දුවක් වනු ඇති බවත් පෙන්වා දෙන රණවක මහතා එසේ වුව හොත් රට බංකොලොත් වන බවද සඳහන් කළා.
එම තත්වය මත ආණ්ඩුව තව දුරටත් එම බිල්පත් පියවීම කල් දමමින් සිටින බව කෝප් කමිටුවේදී අනාවරණය වූ බවද ඔහු සඳහන් කළේ පසුගියදා (11) මොරටුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතරුව මාධ්‍යට අදහස් දක්වමින්.
යම් හෙයකින් ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය අඩපන වුවහොත් රථවාහන ගමනාගමනය, විදුලිය නිෂ්පාදනය ඇතුළු සමස්තය අර්බුධයට පත් විය හැකි අතර රට අකර්මන්‍ය වීම වැළක්විය නොහැකි වනු ඇති.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට