Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බලතල පිටරටට පැවරීමට කැබිනට් අනුමැතියක්

තෙල් පිරිපහදුවක් පවත්වාගෙන යාම සඳහා බලය හිමි ලංකාවේ එකම ආයතනය වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු අදාළ බලය පිටරට සමාගමක් වෙත පැවරීම සඳහා හැකියව ලැබෙන අයුරින් 1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතේ ඇතැම් විධිවිධාන සඳහා සංශෝධන ඇතුළත් කරමින් එකී පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අනාවරණය වුණා.

ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුල ක්‍රියාත්මක ඉන්ධන පිරිපහදුව මගින් දිනකට පිරිපහදු කළ හැක්කේ ඉන්ධන බැරල් 38 000 ක් පමණක් බවත් එය 45 000 දක්වා ඉහළ දැමීමට සහ ඉන්ධන බැරල් ලක්ෂයක ධාරිතවයක් පිරිපහදු කළ හැකි නව පිරිපහදුවක් ඉදිකිරීම සඳහාත් build-operate-transfer (BOT) කොන්ත්‍රාතුවක් යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි.

එම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 600ක් වැය වෙතැයි ගණන් බලා ඇති බවද සඳහන් කළ ගම්මන්පිල අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර ලංසු කැඳවීමක් යටතේ අදාළ ව්‍යාපෘතිය සුදුසුකම් ලබන ආයතනයකට ප්‍රධානය කරන බවයි.

එමෙන්ම එහිදී අවශ්‍ය පිරිපහදුවේ කටයුතු සිදු කිරීම සඳහා එම විදේශීය සමාගමට හැකියාව ලැබෙන පරිදි 1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කරන බවයි ඔහු සඳහන් කළේ.

About The Author