Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රෝහල් ධාරිතාව ඉක්මවා යයි : ඔමික්‍රෝන් හමුවේ ලෝක බලවතා නැවත අසීරු අඩියක

ලංකාවේ විනෝද සැණකෙළි සහ වෙළඳ ප්‍රදර්ශන

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග අමෙරිකාව මේ වනවිට අසීරු තත්ත්වයකට මුහුණ පා සිටිනවා. 

විදෙස් වාර්තා පැවසුවේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග තවදුරටත් අමෙරිකාවෙන් දෛනිකව වාර්තාගත ආසාදිතයින් පිරිසක් වාර්තා වෙමින් ඇති බවයි. 

ගතවූ පැය 24 දී පමණක් අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් අට ලක්ෂ 6,000 ක් වාර්තා වී තිබුණා. එම කාලය තුලදී අමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1, 969 ක්. 

මේ අතර අමෙරිකාවේ ප්‍රාන්ත 06 ක රෝහල් වෙත හමුදා සෞඛ්‍ය සේවකයින් අනුයුක්ත කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන සඳුදා සිට අදාළ රෝහල්වලට හමුදා සෞඛ්‍ය සේවකයින් යෙදවීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ දෛනිකව රෝහල්ගත කරන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාම හමුවේ ජනාධිපතිවරයා එම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව තෝරා ගැනුණු රෝහල් සදහා හමුදාවේ සෞඛ්‍ය සේවකයින් දහසක් යොමු කෙරෙනු ඇති. 

අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල රෝහල් මේවනවිට ධාරිතාව සම්පූර්ණ වන අයුරින් රෝගීන්ගෙන් පිරී පවතිනවා.

ඇතැම් රෝහල් ධාරිතාවට ආසන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  

එමෙන්ම අමෙරිකානුවන් සඳහා නොමිලේ මුව ආවරණ ලබාදීමටත්, නොමිලේ සිදුකරන කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමටත් ජනාධිපති බයිඩ්න් මහතා නිලධාරීන්ට උපෙදස් ලබාදී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා.

About The Author