පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙවිය යුතු දීමනා සංශෝධනය කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම් දී තිබේ.
අධිකරණයේ වැටුප් ප්රතිශෝධනවලට අනුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනාද ප්‍රතිශෝධනය කිරීමේ පිළිවෙතක් පවතින බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහි දී පෙන්වා දී ඇති බව අරුණ පුවත්පත වාර්තා කරනවා.
පාර්ලිමේන්තු සභාවාරයට පැමිණීම, නිවාස, දුරකතන, ප්‍රවාහන, කාර්යාල යන දීමනා ලෙස රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසිකව හිමි වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා ප්‍රතිශෝධනය කිරීම සඳහා මෙම කාරක සභා රැස්වීමේ දී අවසන් තීරණයක් ගෙන නොමැත.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට