බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේ සිට ඊයෙ (10) ගුවනින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට ගෙනගිය මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ පිරිස මේ වන විට නාවික හමුදාවට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි සෝබර් දූපතේ මේ වන විට රැඳි සිටින බවට තොරතුරු වාර්තා වනවා.
පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමට නායකත්වය සපයමින් කටයුතු කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ද මේ වන විට අදාල දූපතෙහි රැඳී සිටින බවට තොරතුරු වාර්තාවනවා.
ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර අසල පිහිටි සෝබර් දිවයින යනු නාවික හමුදාව සතු අක්කර 170 ක පමණ භූමියක්.
එහි කුඩා හෝටලයක් ද ඉදිකර තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රටින් පලා යාමෙන් සැලසුම පිළිබඳව පසුගියදා Mee Massoo TV සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ද විශේෂ අනාවරණයක් සිදුකළා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්