මම සම්බන්ධ නම් මම ඇමති කමෙන් අස්වී ගෙදර යනවා
රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා පොලීසිය වෙත භාරවී තිබෙනවා.
23 හැවිරිදි අවින්ද රන්දිල ප්‍රනාන්දු නැමති අදාළ සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ (02) රාත්‍රියේ රාගම පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.
පහරදීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර් රථයක් කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් ස්ථානය භාරයට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව එම සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 07ක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේ තමන් මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
මේ සඳහා සම්බන්ධ වී ඇති බව පරීක්ෂණ හරහා තහවුරු වුවහොත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ද ඔහු ඊයේ (02) සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට