ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ පුද්ගලික කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු සහ ආණ්ඩුවේ වාහනයක් සිසුන් විසින් අල්ලා ගනී
අද අළුයම රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයේ සිටි සිසුන්ට පහරදුන් මැර පිරිස පැමිණ ඇත්තේ රජයේ වාහනවලින් බවට හෙළිදරව් වී ඇති බවට මේ වන විට තොරතුරු වාර්තාවෙමින් තිබෙනවා.
සිසුන්ගේ ප‍්‍රති ප‍්‍රහාර හේතුවෙන් මැර පිරිස එක් වාහනයක් දමා පලා ගොස් ඇති අතර එම වාහනය පොල් සංවර්ධන මණ්ඩලයට අයත් එකක් බවයි පැවසෙන්නේ.
පහර දීම සඳහා පැමිණි කණ්ඩායමේ පුද්ගලයෙකු සිසුන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇති අතර එම පුද්ගලයාගේ රාජකාරි හැදුනුම්පතේ සදහන්ව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු බවයි.
රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට එල්ල වූ අදාළ ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබු සිසුන් තිදෙනෙක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඉන් එක් අයෙක් මීගමුව රෝහලට මාරු කර යැවූ බව පොලීසිය සඳහන් කරනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට