ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් බව පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පසුගිය අප්‍රේල් මාසයේ දී තීරණය කරනු ලැබුවා.
එම තීරණය එකවර ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන බව කෘෂිකර්ම ක්ෂේත්රයේ ප්‍රවීණයින්, ගොවි මහතුන් මෙන්ම වෘත්තීය සමිති නායකයින් ද දිගින් දිගටම පෙන්වා දෙනු ලැබූවද ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම අවධාරණය කළේය රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට තමන් ගනු ලැබූ තීරණය කිසිවිටෙක ආපස්සට නොගන්නා බවයි.
මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ද ජනාධිපතිවරයා විසින් මෙම කරුණ සනාථ කර තිබුණා.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා අනාවරණය කළේ රසායනික පොහොර තහනම් කර ඇති බව පවසමින් ආණ්ඩුව විසින් රසායනික පොහොර විශේෂයක් වන යූරියා මෙට්‍රික් ටොන් 10 000 කොළඹ වරායට ගෙන ඒම සඳහා අවකාශ සලසා ඇති බවයි.
ජනාධිපතිවරයාට හිතවත් පුද්ගලයින්ට ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බවට ද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා චෝදනා කළා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ කිසිදු රසායනික පොහොර වර්ගයක් මෙරටට ගෙන ඒමට අප්‍රේල් මාසයෙන් පසු කටයුතු කර නොමැති බවයි.
මේ වන විට ඔහුගේ ප්‍රකාශය අභියෝගයට ලක්ව තිබෙනවා.
මේ අතර නුවරඑළිය ප්‍රදේශයේ අර්තාපල් ගොවීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් රසායනික පොහොර ටොන් 4600 ඔවුන්ට ලබාදීමට රජය පොරොන්දු වී තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක මහතා තහවුරු කළේ ඉන් පොහොර ටොන් 350ක් ඊයේ (14) දිනය තුළ නුවරඑළියේ ගොවීන් අතර බෙදා දුන් බවයි.
මේ අතර රසායනික පොහොර වර්ගයක් වන පොටෑසියම් ආනයනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවසර ලබාදී ඇති බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.
ඔහු පවසන්නේ පොටෑසියම් පොල් වගාවට අවශ්‍ය ම පොහොර වර්ගයක් වීම හේතුවෙන් මේ සඳහා ජනාධිපතිවරයා විසින් අවසර දුන් බවයි.
රසායනික පොහොර තහනම් කිරීම පිළිබඳ ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ආණ්ඩුව රසායනික පොහොර තහනම් කිරීම පිටුපස ඇත්තේ වෙන යම් කටයුත්තක් නොව පොහොර ආනයනය කිරීම සඳහා රජයට මුදල් නොමැතිවීම බවයි.
එබැවින් එම සත්‍ය තත්ත්වය ජනතාවට වසන් කරමින් ආණ්ඩුව රසායනික පොහොර තහනමක් පිළිබඳ කතාවක් නිර්මාණය කර ඇති බවද ඔහු සඳහන් කළා.
කෙසේ නමුත් මේ වන විට පෙනී යන්නේ ජනපතිවරයා විසින් දැඩි ස්ථාවරයක සිටිමින් ප්‍රකාශ කළ රසායනික පොහොර සම්පූර්ණම තහනම් කිරීමේ කතාව ද රිවර්ස් ගියරයට වැටී ඇති බවයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට