Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රනිල්, රංගේ ඇතුළු පිරිසකට අධිකරණයෙන් වාරණයක්

සමගි ජන බලවේගයට සහය දෙන එජාප මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ පුටු රැකේ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් වෙත කොළඹ දිසා අධිකරණ විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, පළාත් පාලන ආයතන කිහිපයක් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් විසිඑක්දෙනෙකු නෙරපාහැරීම හේතුවෙන් මතුවන පුරප්පාඩු සඳහා වෙනත් අය නම් කිරීම වළක්වාලමින්.

මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලීමෙන් පසුව ලබන 29 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝගය නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එදිනට අධිකරණය හමුවේ පෙනී සිට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබු එජාප නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ විනය කමිටුවේ ලේකම් අමිත ජයසේකර යන මහත්වරුන් වෙත අතුරු තහනම් දැන්වීම් සහ නොතිසි යැවීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින දේශපාලන විරසක හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන සඳහා තේරී පත් ව පසුගිය මහ මැතිවරණයේදී සහ මේ වන විට සමගි ජන බලවේගය පක්ෂයට සහය ලබා දෙමින් කටයුතු කරන මන්ත්‍රී වරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ඔවුන් වලින් ඉවත් කොට නව නව මන්ත්‍රීවරුන් පත් කිරීමටත් එක්සත් ජාතික පක්ෂය පසුගිය දිනවල කටයුතු කරමින් සිටියා.

කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජාතික පක්ෂය විසින් නව මන්ත්‍රීවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගාල්ල කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයක මන්ත්‍රීවරුන් විසින් වාරණ නියෝග ලබාගෙන තිබෙනවා.

About The Author