Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රනිල්, මූලධර්මවාදී සංවිධාන පෝෂණය කළ නිසා ජනතාවට එපා වුණා – උඩුවේ හිමි

“අපි තරහකින් නොවෙයි මෙම කාරණය කියන්නේ. අපි දන්නවා රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම සමාජයට කොතරම් එපා වූවා ද, ප‍්‍රතික්ෂේප කළා ද කියන කාරණය. රනිල් වික‍්‍රමසිංහ මහතා ඉතා වේගයෙන් ජනතාව අතර අප‍්‍රසාදයට පත් වුණා.

බඳු තත්ත්වයක් ඇතිවීම සඳහා බලපෑ ප‍්‍රධාන හේතුව ලෙස මම දකින්නේ එතුමා මොන හේතුවක් නිසා හෝ මූලධර්මවාදී සංවිධානවලට උදව් උපකාර කිරීම, එම නිසා අපේ රටේ සිටින අනෙකුත් නායකයනුත් එම කාරණය පාඩමට අරගෙන කටයුතු කළ යුතුයි. බොහෝ නායකයන් මෙම මූලධර්මවාදී සංවිධාන පිළිබඳව තීන්දුවක් ගත යුතු අවස්ථාවේදී මොන හේතුවක් නිසා හෝ එම අවස්ථාව මගහරිනවා. ඒ සඳහා වෙනත් රටවල් හරහා පවා අපේ රටට බලපෑම් සිද්ධ කරනවා.

ඒ වගේම තමන්ට හිතවත් පාලකයන් බලයට ගෙන ඒම සඳහා අනෙකුත් පාලකයන්ට පහර ගසනවා.

උදාහරණයක් විදියට සඳහන් කරනවා නම් රාජපක්ෂවරුන්ට පහර ගැසීම, කෙනකුට කියන්න පුළුවන් මේ හාමුදුරුවරු රාජපක්ෂවරුන්ට ගැති වෙලා කියලා.

නමුත් මම නම් කියන්නේ රාජපක්ෂවරු විනාශ කරනවා කියන්නෙ රට විනාශ කරනවා කියන එක. කවුරු මොනවා කිව්වත් රාජපක්ෂවරු නිසා තමයි මේ රට රැකුනේ. යුද්ධය අවසන් වූයේ රාජපක්ෂවරුන් බලයේ සිටිය නිසා.

ඒ වගේම අධිවේගී මාර්ග ඉදිකිරීමට 1960 ගණන්වල සිට කතා කළත් මුල් ගල් තැබූවත් එය යථාර්ථයක් බවට පත් වූයේ රාජපක්ෂවරුන් බලයේ සිටි කාලයේ දී, අපි අලූත් ගුවන් තොටුපළවල් වරායවල් දුටුවෙත් ඔවුන්ගේ කාලයේ දී. ඇත්ත වශයෙන්ම අපට භික්ෂුන් වහන්සේලා විදියට ඔවුන්ගෙන් ලබාගන්න දෙයක් නැහැ.

ඉංග‍්‍රීසීන්ගෙන් පසුව මේ රට පාලනය කළ අනෙක් පාලකයන්ට සාපේක්ෂව බැලූවිට රාජපක්ෂවරුන් යටතේ මේ රටට විශාල සේවයක් සිදුවී තිබෙනවා.

එම කටයුතු කඩාකප්පල් කිරීම සඳහත් මූලධර්මවාදීන් රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කළත් ඔවුන් සෑමවිටම සාර්ථක වූයේ නැහැ. රාජ්‍ය නොවන සංවිධාන කියන්නේ සුද්දන් විසින් මේ රටට දාපු පිළිලයක්.

ඔවුන්ගේ කි‍්‍රයා කලාපය නිසා කි‍්‍රයාත්මක කිරීමට ගිය සමහර වැඩපිළිවෙලවල් අවසන් මොහොතේ නතර වී තිබෙනවා. එම නිසා අපේ පාලකයන් දැනගන්න ඕන එම සංවිධානවලට තවදුරටත් කි‍්‍රයාත්මක වීමට ඉඩ දුන්නොත් එම සංවිධාන විසින් ඔවුනුත් විනාශ කරන බව. එම කනගාටුදායක තත්ත්වයේ සලකුණු දැනටමත් හොඳින් පේන්න තිබෙනවා” යනුවෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් ප්‍රකාශ කර තිබෙන්නේ දිවයින පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්.

About The Author