විෂ මත්ද්‍රව්‍ය පරදන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරු 10 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සඳහා ජාතික මෙහෙයුම් සභාවක් මේ වනවිට පිහිටුවා අවසන්.
එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මහජන සහාය ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස දිස්ත්‍රික් මෙහෙයුම් සභා, ප්‍රාදේශීය මෙහෙයුම් සභා සහ ග්‍රාමීය මට්ටමෙන් මහජන ආරක්ෂක කමිටු සහිත ව්‍යුහයක් පිහිටුවීම රජයේ අපේක්ෂාවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට