උතුරට විශේෂ වැඩක්
දිවයිනේ සියලු පළාත් තුළ 20% කින් විදුලි පරිභෝජනය අඩු කිරීමට ආණ්ඩුකාරවරුන් හරහා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව මේ වන විට වාර්තාවනවා.
ඒ ඒ පළාත්හි පොදු ස්ථාන වල විදුලිය පරිභෝජනය සිදුවන ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (06) සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සහභාගිත්වයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාලය හරහා පවත්වා තිබෙනවා.
එහිදී සියලු පළාත්වල පොදු ස්ථානයන් හි විදුලි පරිභෝජනය 20% කින් අඩු කිරීම සඳහා අදාල රාජ්‍යය ආයතන වල නිලධාරීන් හට පළාත් ආණ්ඩුකාරවරුන් හරහා උපදෙස් ලබාදීමටයි තීරණය වී ඇත්තේ.
තවද උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා තම පළාතේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට ඇති හැකියාව තව තවත් වර්ධනය කරමින් ඉදිරියේදී උතුරු පළාතේ සියලු රාජ්‍ය ආයතනයන් තුල පුනර්ජනනීය බලශක්තිය වැඩිවශයෙන් පරිභෝජනය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සුදානම් කිරීමට අවශ්‍ය විශේෂ වැඩපිළිවෙලක් පිළිබඳ කරුණු දක්වා ඇති අතර නිලධාරින්ද සම්බන්ධ කර ගනිමින් එම කටයුත්ත ආරම්භ කරන බවද දන්වා තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි