ශ්‍රී ලංකාව ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බවට ජාත්‍යන්තර මාධ්‍ය විසින් තොරතුරු වාර්තා කිරීම කුමන්ත්‍රණයක් බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මෙරට තුළ එවන් කිසිදු ආහාර අර්බුදයක් නොමැති බවයි.
නමුත් පසුගිය දිනවල බීබීසී අල්ජසීරා ඇති වැනි ජාත්‍යන්තර මාධ්‍ය පවා අසත්‍ය කරුණු වාර්තා කළ බවයි ඔහු සඳහන් කරන්නේ.
අද රට තුළ ඇත්තේ ආහාර අර්බුදයක් නොව මාෆියාවක් යයිද පැවසූ අමාත්‍යවරයා එම මාෆියාව පාලනය කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් හදිසි නීතිය පැනවූයේ ඒ සඳහා බවත් සඳහන් කළා.
හදිසි නීතිය පැනවීම අලුත් දෙයක් නොවන බවද පැවසූ ඔහු යහපාලන ආණ්ඩුව සමයේ කොළොන්නාව කුණු කන්ද කඩා වැටුණු අවස්ථාවේදී ද හදිසි නීතිය පැනවූ බව ද පෙන්වා දුන්නා.
ඒ අද පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති විවාදයට එක් වෙමින්.


අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට