Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රටට පාඩු වුණාට කමක් නෑ: මහා වැඩවර්ජනයකට සැරසෙන්න – ඇමති වාසු සියල්ලන්ටම දැනුම් දෙයි

“අශ්වයා වතුරට ගෙනියන්න පුළුවන් – පොවන්න මට බෑ” ඇමති නිමල් සිරිපාලත් කතාවට පැටලේ

රටට කෙතරම් පාඩු සිදු වුවද මහා වැඩවර්ජනයකට යා යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ වතුකම්කරුවන්ගේ පටු ඉහළ දැමීම සඳහා රජය කටයුතු කර ඇති බවයි.

නමුත් වතු හාම්පුතුන් විසින් එම ගෙවීම් පැහැර හැර ඇති පසුබිමක එම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වතු කම්කරුවන් සියලු දෙනාට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දැවැන්ත විරෝධතාවයක් පවත්වන ලෙස තමා ද හැකි සියලු දෙනාටම දැනුම් දී ඇති බව ද පැවසුවා.

කෙසේ වෙතත් වතු කළමනාකාරිත්වය සඳහන් කරන්නේ වත්මන් ආණ්ඩුවේ පොහොර තහනම ඇතුළු ක්‍රියාකාරකම් හේතුවෙන් තේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි.

එවැනි තත්ත්වයක් තුළ වතු කම්කරුවන්ගේ ඉහළ නැංවූ වැටුප් ගෙවීම් තියා ලබා දුන් වැටුප් පවා ගෙවා දැමීමට නොහැකි තත්වයක් මතුව ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් ම අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා සදහන් කළේ පවතින තත්වය යටතේ වතු හාම්පුතුන් ද බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

අස්වනු අඩු වීම තුළ ඔවුන් පාඩු ලබමින් සිටින බව ද සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.

ෙසේ වෙතත් මේ සම්බන්ධ අදහස් පල කරන කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ මන්ට කම්කරු අමාත්‍යවරයා ලෙස අවශ්‍ය විධිවිධාන සකස් කිරීමට හැකි වුවත් ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි බවයි.

ඔහු ඒ සඳහා කදිම උදාහරණයක් ද ඉදිරිපත් කළා.

අශ්වයකු වතුර ඇති තැනට ගෙන යා හැකි වුවත් තමන්ට අශ්වයාට වතුරේ පෙවිය නොහැකි බව ඔහුගේ උදාහරණයයි.

ඔහු පවසන්නේ වතු වෘත්තීය සමිති විරසක වීම හේතුවෙන් සහ වතු හාම්පුතුන් එකට එක් වී කටයුතු කිරීම හේතුවෙන් මෙම ඉල්ලීම් දිනාගත නොහැකි වී ඇති බවයි.

About The Author