Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රට පුරා සංචාරයට අවස්ථාව

ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශීය සංචාරකයින් හට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචරණ කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හා පොලිස්පතිවරයා ද දැනුවත් කර ඇති බවයි පැවසෙන්නේ.

පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණ ද ඉහත ක්‍රමවේදය යටතේ සංචාරකයින්ට පළාත් අතර සංචරණ කටයුතු සිදුකළ හැකි බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසනවා.

මම ගෙනා සංචාරකයන්ගෙන් කොරෝනා ව්‍යාප්ත වුණේ නෑ

මේ අතර සංචාරක බුබුලු හරහා මෙරටට පැමිණ යුක්‍රේන ජාතික සංචාරකයන් හරහා මෙරටට කොරෝනා පැතිරීමක් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් නැති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරනවා.

සංචාරක බුබුල නියාමන අවධියේදී කොරෝනා වෛරසය යුක්රේන ජාතිකයන් හරහා මහජනතාවට පැතිරීමක් වාර්තා වී නැතැයි ද ඔහු පවසනවා.

එබැවින් ඒ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා දේශපාලන වශයෙන් සිදු කරන මඩ ගැසීම් පමණක් බවද ඔහු පෙන්වා දෙනවා.

About The Author