Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රට ගොඩගැනීමට සියලුදෙනා පොදු එකඟතාවයකට පැමිණෙත්වා – එජාපය මහා සත්‍යග්‍රහයකට සැරසෙයි

සියලු බලමුළු කැඳවයි

මතුව ඇති තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා සියලු දෙනා දේශපාලන පක්ෂ භේද පසෙකලා පොදු එකඟතාවයකට පැමිණීමට අධිෂ්ඨානය කරගනිමින් සත්‍යග්‍රහයක් නැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

මාර්තු මස මස 25 සවස 03 ට කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී එය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ තුළ ජීවත්වීම පවා බරපතළ අර්බුදයකට ලක්ව ඇති මොහොතක ජනතාවට අස්වැසිල්ලක් හෝ ලබාගත හැකි අයුරින් සැකසුණු විපක්ෂයේ පොදු වැඩපිළිවෙළක් නොමැති වීමේ ගැටලුවද මේ වන විට රට හමුවේ ඇති බවද අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙනවා.

පවතින අර්බුදය ජය ගැනීම සඳහා පුද්ගලයන් බලයට පත් කිරීම ඵල රහිත වන බවත් ඒ වෙනුවට ටේ අර්බුදයට මුහුණ පා ඇති ක්ෂේත්‍රයන් පිළිබඳ පුළුල් අධ්‍යනයක් සිදු කොට ඉදිරි දැක්මක් සහිත පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම සඳහා සියලු දෙනා අත්වැල් බැඳ ගැනීම එක්සත් ජාතික පක්ෂයේ අදහස වී ඇති බව එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරනවා.

එබැවින් දේශපාලන පක්ෂ පාට දුරලා රට ගොඩනැගීම වෙනුවෙන් සියලු දෙනා එකට එක්වන මෙම සත්‍යග්‍රහය සඳහා දේශපාලන පක්ෂ අමතක කොට සුදු වතින් සැරසී පැමිණෙන ලෙසද අකිල විරාජ් කාරියවසම් මහතා ජනතාවට ආරාධනා කිරීම විශේෂත්වයක්.

About The Author