Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යන යන හැමෝටම ඉන්ධන නෑ : ප්‍රමුඛතා පිළිවෙල දන්වයි

කලබල ජරමර වළක්වන්නට පොලිසියත් යොදවයි

ඇති වී තිබෙන ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම් හල් අසල මහජනයා පෝලිම් ගැසී රැඳී සිටීම නිසා කළහාකාරී සිදුවීම් ඇති වීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා.

ඒ දිවයිනේ සියලු පොලිස්ථාන වෙත විශේෂ නියෝගයක් නිකුත් කරමින්.

එම නියෝගය මගින් ඔහු ඉන්ධන නිකුත් කිරීමේ දී ප්‍රමුඛතාවය ලබාදිය යුතු රථවාහන පිළිබඳවද දැනුම් දී තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්මාන්ත කටයුතුවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට ගැලුම් රැගෙන එන ජනතාව වෙත බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීම සදහාත්, සංචාරකයන් ගෙන යන රථ, ගිලන්රථ, ගිනි නිවීමේ රථ, රෝගී ප්‍රවාහනය කරන රථ වලට ඉන්ධන ලබා දීමේදී ප්‍රමුඛතාව ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඔහු දැනුම් දී ඇති බව සඳහන්.

ඉන්ධන ලබා ගැනීමට පෝලිමක් පවතින අවස්ථාවල එම තදබදය නිම වන තෙක් පොලිස් නිලධාරියෙකු යෙදවිය යුතු බවත් පොලිස්පතිවරයා සිය නියෝගය මගින් දැනුම් දී තිබෙනවා.

නුවරඑළියේ එළවලු ප්‍රවාහනයට ඉන්ධන ලබා දීමට එකඟතාවය

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සිට දිවයින පුරා එලවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට සහ නුවරඑලියේ එලවළු වගා කරන ගොවින්ට තම වගාවට ජලය පොම්ප කිරිම සදහා අවශ්‍ය ඩිසල් හිගයකින් තොරව ලබාදිමට නුවරඑලිය නගරයේ ඉන්ධන පිරවුම්හල් හිමියන් එකගතාවය පල කර ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා.

මීට පෙර ඉන්ධන නොමැති වීම හේතුවෙන් මතුවූ අර්බුදය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කරුණු හෙළි කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණා.

එම පුවතට ප්‍රතිචාර ලෙස මෙම අවස්ථාව හිමි වූ බවයි අරුණ ශාන්ත මහතා පවසන්නේ.

එම අවස්තාව අනිසි ලෙස භාවිතා නොකර තම අවශ්‍යතාවයට පමණක් ඉන්ධන ලබා ගන්නා ලෙසත් ඒ සදහා නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් නිර්දේශයක් එලවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට සහ එලවළු වගා කරන ගොවින්ට ලබාදිමට පියවර ගෙන ඇති බවත් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළා.

About The Author