රාජ්‍ය නිලධාරීන්ගේසේවයට බලපෑම් කළ බවට චෝදනා එල්ල වූ මොරටුව නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ(27) දිනයේ මොරටුව ප්‍රදේශයේ කොරෝනා මර්ධන එනත්කරණ මධ්‍යස්ථානයකට කඩා වැදී ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරියගේ රාජකාරියට බාධා කළ බවට සමන් ලාල් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ලවුණා.
එම පරිශ්‍රයට ඇතුළු වූ නගරාධිපතිවරයා පවසන්නේ තමා ලබා දී ඇති තුණ්ඩු හිමි පුද්ගලයින් පමණක් එන්නත් කරන ලෙසයි.
එහිදී ඔහු විසින් අදාළ වෛද්‍යවරියට තර්ජනය කිරීමක්ද සිදු කරන අයුරු එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් විසින් පටිගත කර තිබුණා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට