හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් සිද්ධියකට සෘජුව සම්බන්ධ වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු පවසනවා.
එය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ම එක් අවස්ථාවකදී පිළිගත් බවද ඔහු සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දරමින් සිටින්නේ නීති විරෝධීව බව ද එම පක්ෂයේ විධායක සභික මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා මෙම සාකච්ඡාවේදී පවසා තිබෙනවා.
මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ ව්‍යවස්ථාව ද වංචනික ආකාරයෙන් සංශෝධන ලක් කර ඇති බවද මෙම සාකච්ඡාවේදී ඔහු විසින් හෙළි කර තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කර දැමීමට සෘජුවම කටයුතු කළ ආකාරය පිළිබඳව ද මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා විසින් මෙම සාකච්ඡාවේදී අනාවරණය කර තිබීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි
රනිල්ට උදව් කරන්නැයි ගෝටා මට කතා කර කිව්වා – මේ ගහන ගේම් ජනතාව හොදින් අවබෝධ කරගන්න
රනිල් කරපු දෙයක් නෑ – ඔහු මහා කුමන්ත්‍රණකරුවෙක් – රනිල්ගේ එකම ප්‍රතිපත්තිය “රනිල්” – 21 නාමල්ටත් පැරදිලා ගෙදරම යනවා