මෙම කාල සීමාව තුළ මත්ස්‍ය පරිභෝජනය සිදු කිරීම අවදානම් සහගත බව සමුද්‍ර ජීව විද්‍යාඥ ශාන්ත ජයවීර මහතා පවසනවා.
ඔහු අනතුරු අඟවන්නේ මත්ස්‍යයින්ගේ සිරුරු තුළ රසායන ද්‍රව්‍ය තැන්පත් වීම එයට හේතුව බවයි.
එමෙන්ම මුහුදේ දිය නෑම සහ රැල්ල පෑගීමට යාම පවා මේ දිනවල අවදානම් සහගත බවද ඔහු පෙන්වා දුන්නා.
සාගර ජලයට එක්වූ රසායන ද්‍රව්‍ය මුහුදු ජලය සමඟ ප්‍රතික්‍රියා කර නිපපදවිය හැකි අහිතකර රසායනික සංඝටකයන් පිළිබඳ නිසි අධ්‍යනයක් ද නොමැති පසුබිමක මුහුද සමඟ ගනුගෙනු කිරීමේදී ඉතා කල්පනාකාරී සහ ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කළේ X – Press Pearl නෞකාවේ සිදුවීම පිළිබඳ Mee Massoo TV සමඟ විශේෂ කතා බහකට එක් වෙමින්.
එහිදී මත්ස්‍ය වර්ග කිහිපයක නම් සඳහන් කළ ශාන්ත ජයවීර මහතා පැවසුවේ මෙම තත්වය මත එම මසුන් ආහාරයට ගැනීම පිළිකා පවා ඇති වීමට හේතු විය හැකි බවයි.
එමෙන්ම මසුන් ආහාරයට ගැනීම සුදුසුද නැද්ද යන්න තීරණය කළ යුත්තේ රසායනාගාර පරීක්ෂණයකින් බවද ඔහු මෙහිදී අවධාරණය කළා.
මීට අමතරව අදාළ අනතුර හේතුවෙන් මෙරට සමුද්‍රීය පරිසර පද්ධතියට සිදුව ඇති බලපැම පිළිබඳව ද ඔහු විශේෂයෙන් කරුණු හෙළි කළා.
සම්පුර්ණ වැඩසටහන බලන්න..
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට