Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මෙහෙම මේ ගමන යන්න බෑ කියා කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවේ තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

විද්‍යාත්මක පදනමකින් තොරව සිදුවන එන්නත්කරණයට විරෝධය  

කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවේ සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ද ඉල්ලා අස්වී තිබෙනවා.

ඊයේ දිනයේ තමන් එම කමිටු සාමාජිකත්වය ඉල්ලා අස් වූ බව ඔහු සඳහන් කළා.

තමන්ගෙන් එම කමිටුවට සෙතක් වේයැයි නොසිතුණ හෙයින් ඉල්ලා අස් වූ බව පැවැසූ ඒ මහතා නිර්වින්දන සංගමයේ සභාපතිවරයා ලෙසත් තමන් එම කමිටුවට සම්බන්ධ වී වසර එක හමාරක කාලයක් නොකඩවා කටයුතු කළ බවද පැවසුවා.

විවිධ බලපෑම් මත සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විද්‍යාත්මක පදනමකින් තොරව එන්නත්කරණය පිළිබඳව ගන්නා තීන්දුවට විරෝධය පළ කරමින් ඔහු ඉන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අයුරින්ම පසුගියදා එහි තවත් සාමාජිකයෙකු වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාද සිය සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූයේ කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවේ ක්‍රියාකාරකම් පිළිබඳ අප්‍රසාදය පළකරමින්.

About The Author