සිංගප්පූරු පොලිස් නිලධාරියෙකුගේ බිරිඳ විසින් තම මියන්මාර ජාතික ගෘහ සේවිකාව කුසගින්නේ තබා, වධහිංසා කොට අවසානයේ දී ඝාතණයට ලක් කළ බව පිළිගෙන තිබේ.
2016 වසරේ දී ඇති වූ මෙම සිද්ධිය සඳහා අද දිනයේ දී තීන්දුව ලබා දුන් අතර තුවාලවලින් මිය යන විට සේවිකාවගේ බර කිලෝග්‍රෑම් 24ක් (රාත්තල් 53ක්) පමණක් වූ බව වාර්තා වේ.
ගයතිරි මුරුගයාන් නම් වූ පොලිස් බිරිඳගේ මෙම සැලකීම “අතිශයින් නපුරු හා මුළුමනින් ම අමානුෂික” වූ එකක් බවට විනිශ්චයකාරවරයා තීරණය කළේ ය.
මෑත වසරවල දී ධනවත් නගර තුළ ඉහළ පෙළේ රාජ්‍ය නිළධාරීන්ගේ ගෘහ සේවිකාවන් හට සිදු වෙමින් පවතින අපයෝජන සිද්ධි මාලාව අතරට මෙම සිදුවීම ද එක් ව තිබේ.
එහෙයින් මේ වන විට අසල්වැසි ආසියානු රටවලින් පැමිණෙන විදේශීය ගෘහ සේවිකාවන්ට සලකනු ලබන්නේ කෙසේ ද? යන්න පිළිබඳ අයිතිවාසිකම් කණ්ඩායම්වල අවධානය යොමු වී තිබේ.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර