බාධාවකින් තොරව ජන ජීවිතය පවත්වා ගෙන යෑමේ අරමුණින් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් , අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.
එම ගැසට් නිවේදනයෙන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, පෙට්‍රෝලියම් නිෂ්පාදන ඇතුළු සියළුම ඉන්ධන සැපයුම හා බෙදාහැරීම, වරාය හා නාවික කටයුතු, දුම්රිය දෙපාර්තමේන්තුව හා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සේවාවන්ය.
මීට අමතරව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ග්‍රාම නිලධාරීන් , සමෘද්ධි සංවර්ධන නිලධාරින් , කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීන් ඇතුළු සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු ක්ෂේත්‍ර රාජකාරි මට්ටමේ නිලධාරින් ද ඇතුළත් වන පරිදි එම අත්‍යවශ්‍ය සේවා නම් කර තිබෙනවා.
මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා ද ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පළාත් පාලන ආයතන මගින් සිදු කරන කසළ කළමනාකරණ සේවා කටයුතු ද මෙම ගැසට් නිවේදනයට අනුව අත්‍යවශ්‍ය සේවා ගණයට ඇතුළත්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට