ඉන්ධන පිරවුම් හලේදී මුඛ ආවරණය ගැන විමසූ සේවකයාව උස්සා පොළොවේ ගැසූ සැකකරුවන් දෙදෙනාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුඛ ආවරණයක් පැලඳ නොසිටි පුද්ගලයෙකුගෙන් ඒ පිළිබඳව විමසූ පසු ඉන්ධන හල් සේවකයෙකුව උස්සා පොළොවේ ගැසූ සිද්ධියක් ඊයේ (06) මීගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා.
මුව ආවරණ ගැන ඇසු විට “මදාවියෙක්” කිපෙයි, රංචුවක් රැගෙන එයි – ඉන්ධන හලක සේවකයෙකු උස්සා පොළවේ ගසයි
මීගොඩ පොලීසිය විසින් ඊයේ රාත්රියේදී අදාළ සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා පාදුක්ක ගලගෙදර සමනල මාවතේ සහ වටරැක ගාලබැදිහේන ප්‍රදේශයේ පදිංචි 24 සහ 36 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු බවයි හෙළිව ඇත්තේ.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව ද පොලීසිය සංග්සඳහන් කළා.
පහරදීම සිදු කළ පුද්ගලයින් පැමිණි යතුරුපැදිය ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට