Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ කළු සල්ලි ප්‍රකාශයට එජාපයෙන් ප්‍රශ්න පත්‍රයක්

රටම ජාත්‍යන්තරයේ අපහසු තත්වයට ලක් කළා සේම යුධ සමයේ බරපතල මුල්‍ය වංචා සිදු කළේදැයි රාජපක්ෂ ආණ්ඩුව ගැන සැකයක් ?

පසුගිය යුද සමයේ කලු සල්ලි යොදාගනිමින් උතුරු කොරියාවෙන් අපි ආයුධ මිලදී ගත් බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දැඩි ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.

📌 කළු සල්ලි වලින් රට කරන හැටි මුදල් ඇමති බැසිල් කියයි : යුධ සමයේ රහසක් හෙළි වී රටම බරපතල අවුලක පැටලෙයි

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසන්නේ මුදල් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය හමුවේ ශ්‍රී ලංකාව ට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා උදව් උපකාර කිරීමට කටයුතු කිරීමද බලාපොරොත්තු වන ජාත්‍යන්තර සංවිධාන පවා දැඩි කැලඹීමකට ලක්ව සිටින බවයි.

රටේ මුදල් අමාත්‍යවරයා විසින්ම රටේ වියදම් සඳහා කළු සල්ලි යොදා ගන්නා බව පවසන්නේ නම් එම රටේ ආර්ථිකය පිළිබඳ බරපතළ අර්බුදයක් රට තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළ නිර්මාණය වීම වැළැක්විය නොහැකි බවයි වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

මතුව ඇති තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට වහා පිළිතුරු ලබාදිය යුතු බව ද වජිර අබේවර්ධන මහතා සඳහන් කරනවා.

අද (02) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා එම අදහස් පළ කළා.

  1. එවකට පැවැති රජය අවි ආයුධ මිලදී ගැනීම සඳහා කලු සල්ලි භාවිත කළේ ඇයි?

2. යුද කටයුතු සඳහා අවශ්‍ය මුදල් පාර්ලිමේන්තුව හරහා සම්මත කරගත යුතුව තිබූ බවත් එසේ නොමැතිව ලබාගත් මුදල කොපමණද?

3. චීනය රුසියාව සහ ඊශ්‍රායලය වැනි රටවලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය අවි ආයුධ ලබාගන්නා මොහොතක උතුරු කොරියාව හරහා අවි ආයුධ ලබා ගැනීමට රජය කටයුතු කළේ ඇයි?

4. උතුරු කොරියාව හරහා රජය මිලදී ගත් අවි ආයුධ මොනවාද ඒවා නියමිත අයුරින් ගිණුම් ගත කර තිබේද?

යන ප්‍රශ්න වලට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිතුරු ලබාදිය යුතු බවයි වජිර අබේවර්ධන මහතා එහිදී සඳහන් කළේ.

About The Author