මෙරට දේශපාලන ක්ෂේත්රය ද උණුසුම් කළ නිලවරණයක් බවට පත් වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පසුගියදා (24) අවසන් වුයේ එහි නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තොර පත් කරමින්.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වෙනි සභාපතිවරයායි.
දිවයින පුරා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන්ගේ ඡන්ද විමසීමකින් මෙම තනතුර සඳහා පුද්ගලයෙකු තොර පත් කර ගැනීම සිදු කෙරෙනවා.
මෙවර සාලිය පීරිස් මහතා සමග ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා සභාපති පුටුව සඳහා තරංග කළා.
එහිදී ජනාධිපති නීතිඥ සාලියා පීරිස් මහතා ඡන්ද 5093ක් ලබා ගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතාට හිමිවුයේ 2,386ක් පමණයි.
ඒ අනුව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තේරී පත්වී ඇත්තේ වැඩි ඡන්ද 2,386කිනි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ලෙස නීතිඥ රජීව අමරසූරිය මහතා නිතරගයෙන් තේරී පත් වූණා.
නීතිඥවරුන් 17,000ක් පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබු අතර දිවයින පුරා පිහිටි නීතිඥ සංගම් මධ්‍යස්ථාන 85කදී මැතිවරණය පවත්වණු ලැබුවා.
අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා මෙම ජන්ද විමසීමේ තේරීම් භාර නිළධාරියා ලෙසට කටයුතු කරන ලද අතර කොළඹින් පිටස්තර ඡන්ද මධ්‍යස්ථාන 82ක තේරීම් භාර නිලධාරීන් වශයෙන් ඒ ඒ පළාත්වල දිසා විනිසුරුවරුන් කටයුතු කරන කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ඡන්ද ප්‍රතිපලය දේශපාලන මැතිවරණයක ප්‍රතිපලයක් හා සමාන වී තිබෙන්නේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන නීතිඥවරුන් දෙපළක් ලෙස කුවේර ද සොයිසා මහතා සහ සාලිය සාලිය පීරිස් මහතා හදුන්වා දීමට ඇතැම් පාර්ශව කටයුතු කිරීම හේතුවෙන්.
සමාජ ජාලා රැසක සාලිය පීරිස් මහතා ලැබූ ජයග්‍රණය හඳුන්වා දී ඇත්තේ ආණ්ඩුව ලද පරාජයක් ලෙසයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට