2008 මැයි මාසයේදී The nation පුවත් පතේ කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් ඊයේ (01) නවගත්තේගම සහ ඇලයපත්තුව ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් අවුරුදු 42 සහ 46 යන වයස්වල පසුවන ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු බුද්ධි අංශ සාමාජිකයින් බවට හඳුනාගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්‍රී ලාංකික මාධ්‍යවේදී කීත් නොයාර් 2008 මැයි 22 වන දින දෙහිවල වෛද්‍ය පාරේදී පැහැරගෙන ගොස් ඇති අතර, පසුව ඔහුට පහර දී පසුව නිදහස් කරන ලදී.
මෙම සිදුවීම වඩා ප්‍රසිද්ධියට පත් වුයේ ඔහු නිදහස් කිරීම සදහා එවකට රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කරූ ජයසූරිය විසින් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දෙනු ලැබූ දුරකථන ඇමතුමයි.
ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ විසින් හිටපු ප්‍රධාන ලේකම් වරයෙකු අමතා අදාළ පුද්ගලයා නිදහස් කරන ලෙස පවසා ඇති බව මෙම ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වලදී පසුව හෙළි වුණා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්