අබලන් බව දැන දැනත් සංචාරකයන් සඳහා විවෘතව තියලා
මාතර පරෙයි දූව විහාරස්ථානය සඳහා ප්‍රවේශ වීමට ඇති සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත් වැල් පාලම අද පස්වරුවේ සංචාරකයන් සමගම මුහුදට කඩා වැටී තිබෙනවා.
අනතුරෙන් කිසිවකුට හානියක් සිදුව නැහැ.
කෙසේ වෙතත් අදාළ පාලම දැඩි ලෙස අබලන්ව පවතින බව දැන දැනත් එය සංචාරකයන් සඳහා වසා නොදමා තිබු බවයි මේ වන විට හෙළිව ඇත්තේ.
පාලම අලුත්වැඩියා සඳහා මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බවද වාර්තාවනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට