මාළිග තුළ සිට කුමන්ත්‍රණය කිරීමෙන් වැළකී මහ පාරේ අරගලයට සංවේදී වීමට සියළු දෙනා කටයුතු කිරීමේ අවශ්‍යතාවය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.
පසුගියදා (21) කොළඹ දී පැවති බැංකු කරුවන්ගේ විශේෂ සම්මන්ත්‍රණය අමතමින් ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක,හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
“අද තරුණ තරුණියෝ අනිත් අය එළියට ඇව්ල්ලා ආණ්ඩුව අයින් කරන්න ඕන කියනවා. වෙනස් කරන්න ඕන කියනවා. මොකක්ද ඒකට කරන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ හරි තීරණයක් නැහැ. සමහරු කියනවා වෙනසක් ඕන කියනවා. විපක්ෂයේ අය ඒ හඩ එක්ක යන්නේ.
ආණ්ඩුවේ වෙනස් වෙනස් අදහස් තියෙනවා. සමහරු කියනවා මෙහෙම ඉමු කියනවා. සමහරු කියනවා ජනාධිපතිතුමා යන්න ඕනේ කියනවා. අනිත් අය කියනවා අගමැතිතුමා යන්න ඕනේ කියනවා. මේකේ විශාල අවුලක් තියෙනවා. ස්ථාවරභාවයක් නැහැ. මේ අපි ගන්න ඕනෑම පියවරක් ආණ්ඩුව යනවාද, වෙනස් කරනවාද.
ජනතාව පිළිගන්නේ නැත්තම් අපි කරලා වැඩක් නැහැ. භුමියේ යතාර්ථය තෝරාගෙන අපි වැඩ කරන්නේ නැත්තම් ඇත්තවශයෙන්ම අපිට මේ කාරණය විසදන්න බැහැ. මොකද තියෙන්නේ විශාල කැළබීමක්. විප්ලවකාරී වෙනසක් ඉල්ලන්නේ. ඒකට අපි කන් දෙන්න ඕනේ.
ඉංග්‍රීසියෙන් කියනවා නම්,
What is the use of having a coupe in the palace when there is a revolution out on the street.
මාළිගාව ඇතුළේ කුමන්ත්‍රණයක් කරලා වැඩක් නැහැ මහ පාරේ තියෙනවා විප්ලවය.
ඒක මැදින් තමා අපිට දේශපාලනය කරන්න තියෙන්නේ. අන්න ඒ තැනට තමා අපි ඇවිත් තියෙන්නේ”
යනුවෙන් පැවසුවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට