Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මම සහ අපි ගැන බොරු දාලා පක්ෂ කඩන්න එන්න එපා : කිව්වනේ අපි යන්නේ නෑ – සජබ මහලේකම් මාධ්‍ය හමුවක

තනතුරු බෙදාගන්න ආණ්ඩුවේ පොරයක්

තමන් සමග සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සමග ආණ්ඩුවට එක්වන බවට අද ඇතැම් පුවත්පත් සහ සමාජ මාධ්‍ය පළ කොට ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කර තිබෙනවා.

ඒ මහතා සදහන් කර සිටියේ ඇමැතිකම් ගෙන තවත් බරක් ජනතාව පිට පැටවීමට පක්ෂය සූදානම් නැති බවයි.

පවතින අර්බුදකාරී වාතාවරණය තුළ පාර්ලිමේන්තු කමිටු ක්‍රමය මගින් රට ගොඩගන්නා වැඩපිළිවෙළට සහාය දැක්වීමට සමගි ජනබලවේගය පක්ෂය මේ වන විටත් එකඟතාවය පල කොට ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළා.

එමෙන්ම කවුරුන් හෝ මෙවැනි අසත්‍ය පුවත් පළකොට පක්ෂය දෙකඩ කිරීමට සැලසුම් කරන්නේ නම් එවැන්නක් සිදු නොවන බව ද පැවසුවා.

About The Author